විශේෂඥ වෛද්‍යවරු 18 දෙනෙකුගේ නිර්දේශ මත ලෙඩක් නැති දුමින්ද සිල්වා සාමාන්‍ය සිරමැදිරියකට මාරු කළ දිනයේම යළි ලෙඩවුන හැටි!
විශේෂඥ වෛද්‍ය නිර්දේශවලින් පසු බන්ධානාගරයේ සමාන්‍ය සිර මැදිරියකට මාරු කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊට පසුදාම හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ජනවාරි 11 වැනි දා බීබීසි සිංහල වෙත තහවුරු කළේ ය.
ආචාර ධර්ම සලකා රෝගියාගේ වැඩිදුර විස්තර ප්‍රකාශ කළ නොහැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
බන්ධනාගාර රෝහලින් සාමාන්‍ය වට්ටුවකට
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදරකරු වී මරණ දඬුවම හිමිව සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලින් සමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායන ජනවාරි 10 වැනි දා නිවේදනය කළේය.
එම නිවේදනයේ සඳහන් පරිදි දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නේවාසික ප්‍රතිකාර ලබා දී තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මතයි.
කෙසේ වෙතත්, අදාළ සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් ඔහුට බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලබා දීම අවශ්‍යද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසනු ලැබ තිබිණි.
ඒ අනුව 18 දෙනෙකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබා දුන් නිර්දේශ අනුව ඔහුව සමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කළ බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
එම කමිටුව දෙන ලද නිර්දේශය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට (ජනවාරි 10 වැනි දා) ලැබී ඇති අතර එහි සඳහන් පරිදි අදාළ සිරකරුට තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ හෝ වෙනත් රෝහලක රෝහල්ගත කර සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඕනෑම අවස්ථාවක හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් ඒ සදහා නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු බවත් අදාළ නිර්දේශයේහි දක්වා තිබිණි.
අදාළ නිර්දේශ අනුව ආර්. දුමින්ද සිල්වා යන අය බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ බවත් අදාළ සිරකරුගේ හදිසි සංකූලතාවයකදි ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් වැලිකඩ අධිකාරිවරයාට උපදෙස් ලබා දී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
සිරගත කර සිටින දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිම සම්බන්ධව මෙන් ම ඔහුගේ තත්ත්වය පිළිබඳව විමසීමට බීබීසි සිංහල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි. බී. දිසානායක දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක දී උත්සාහ කළ ද ඔවුන් දෙදෙනාම දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
- බිබිසී