gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති නීතිපති කැඳවා නඩු අහනවා… ඇමතිලාට තානාපතිලා හමුවෙන්න බෑ… මේක දැන් උතුරු කොරියාවක්…! – දයාසිරි..

ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා කැඳවා නඩු ගැන කතා කරන තත්වයක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට අත්වන ඉරණම කුමක්ද යන්න ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

“නීතිපතිතුමාව කැඳවලා අනුර දිසානායක ජනාධිපතිතුමා. එතකොට මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව ගෙන්නලා ජනාධිපතිතුමාට කතා කරන්න පුළුවන් නම් මේ නඩුවලට මොනවද වෙලා තියෙන්නෙ, මේවාට නඩු පවරන්න කියලා, මම දන්නෙ නෑ මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය, මේවාට අත්වෙන ඉරණම මොකක්ද කියලා.

අලුත් චක්‍රලේඛයක් ගහලා තියෙනවා ජනාධිපති ලේකම්වරයා විසින් මේ ඇමතිවරුන්ට විදේශ තානාපති කෙනෙක් හම්බවෙන්න බෑ. අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන අමාත්‍යාංශවලට, ආණ්ඩුකාර ලේකම්වරුන්ට ඔක්කොටම ගහලා තියෙනවා. අමාත්‍යවරු කිසිම රැස්වීමකට සම්බන්ධ වෙන්න බෑ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයක් නැතිව. මේක උතුරු කොරියාව වගේ දැන්.”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තුව අමතමිනි.
-emanisa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka