gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුර ප‍්‍රියදර්ශණ යාපා සහ බිරිද අත්අඩංගුවට ගනි..

හිටපු අමාත්‍ය අනුර ප්‍රියර්දශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් විසින් 2014 වර්ෂයේ අග භාගයේදී බිංගිරිය හා නාරම්මල යන ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයින් හට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් ලබා ගෙන එම මුදල් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා භාවිතා නොකොට 2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවමින් මහජන මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම හා පොදු දේපල පනතේ ගැනෙන වැරදි සිදු කිරීම හේතුවෙන් නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ 2025.01.23 වන දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වැඩිදුර විර්මශන සිදු කරයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක බුද්ධික මනතුංග මහතා මේ පිලිබදව කල අදහස් දැක්වීම…
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka