gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාරයට රැගෙන ගිය උදයංගගෙන් අනතුරු ඇඟවීමක් -"සතියෙන් එළියට ආවේ නැත්නම් ෆලයිට්වලට තෙල් නෑ..."

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය. බන්ධනාගාර බස්රියට නැග උදයංග වීරතුංග පැවසුවේ සතියකින් රක්ෂිත බන්ධනාගාරයෙන් එළියට එන්නට බැරිවුනොත් ගුවන් යානාවලට ඉන්ධන නැතිවිය හැකි බවය. 

මිරිහාන ප්‍රදේශයේ පිහිටි සිය නිවස අසල අසල්වැසියෙකුට තර්ජනය කිරීමෙන් අනතුරුව යකඩ බටයකින් පහරදීමෙන් තුවාල සිදුකළ උදයංග වීරතුංග අද අත් අඩංගුවට ගන්නේ මිරිහාන පොලිසියට ලද පැමිණිල්ලක් මතය.

අනතුරුව ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි.

බන්ධනාගාර බස් රථයට නගින අතර ඔහු මෙසේ පැවසුවේය. “දේශපාලන අධිකාරිය සංචාරකයින් ගෙනාව කියලා පුංචි කෝලහලයක් ඇතිවුනාම මේ වගේ ඇතුළට දානව ද.  අද ලංකාවේ කොච්චර රණ්ඩු වෙනවාද, පොඩි කෝලාහලයක් අතිවුනාම මේ වගේ ඇතුළට දානව ද?.”

” අල්ලපු ගෙදර මහත්තයත් එක්ක පොඩි රණ්ඩුවක් වුනා. එයා මගේ පැත්තට වතුර පීලී දාලා කොන්ක්‍රීට් දාලා අනවසර ඉදිකිරීම් කරලා තිබුණා. මට දුක වෙන්නේ තව සතියකට පස්සේ මම එළියට ආවේ නැතිනම් එන ෆ්ලයිට් වලට තෙල් ගහන්නවත් එන්න විදිහක් නෑ. අන්න එහෙම දෙයක් වෙන්න එපා කියලා මම අපේ ගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා.”

කෙසේ වෙතත් උදයංග වීරතුංගගෙන් ගුටි කෑ අසල්වැසි පුද්ගලයා මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින්නේය. අද දෙරණ එම සිදධිය වාර්තා කර තිබුනේ මේසය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka