ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය 2024 නොවැම්බර් 02 වන අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මෙම පත්වීමත් සමඟ ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ දෙවන කාන්තා අගවිනිසුරුවරිය ලෙස ඉතිහාස ගත වෙයි.
ප්‍රනාන්දු මහත්මිය 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක්වූ අතර 1997 දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 දී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් පත්වීමෙන් ඇයගේ වෘත්තීය දිවිය ඉහළට පැමිණි රාජ්‍ය සේවකයෙකි.
2018 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස පත්වීමෙන් පසු ඇය 2024 ඔක්තෝබර් 10 වන දින වැඩ බලන අගවිනිසුරු ධුරයට පත්වූවාය.
ප්‍රනාන්දු මහත්මියගේ දීර්ඝ කාලීන නීති ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ වෘත්තීය උසස්වීම් ඇයව මෙම ඉහළ තනතුරට සුදුසුකම් ලත් අපේක්ෂකයෙකු බවට පත් කර ඇත. ඇයගේ පත්වීම ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කිරීමට ලැබෙන වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.