gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශම්මිට ආසියානු ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය ලැබෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය කියා සිටියේ වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති ෂම්මි සිල්වා එම භූමිකාවට පුළුල් විශේෂඥ දැනුමක් ලබා දෙන බවයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයට නායකත්වය දීමට ලැබීම තමන්ට මහත් ගෞරවයක් බවත් ක්‍රිකට් යනු ආසියාවේ හද ගැස්ම වන අතර, ක්‍රීඩාව නඟා සිටුවීමට, නැගී එන දක්ෂතා සඳහා අවස්ථා ලබා දීමට සහ මෙම සුන්දර ක්‍රීඩාව තුළින් ජාතීන් එක්සත් කරන බැඳීම් ශක්තිමත් කිරීමට සියලුම සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වැඩ භාරගනිමින් ෂම්මි සිල්වා ප්‍රකාශ කර තිබේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය වෙනුවෙන්, ෂම්මි සිල්වා, නික්ම යන සභාපති ජේ ෂා වෙත ඔහුගේ ආදර්ශමත් නායකත්වය සහ ඔහුගේ ධුර කාලය තුළ සැලකිය යුතු දායකත්වයක් ලබා දීම පිලිබඳ හෘදයාංගම කෘතඥතාව පළ කළේය.

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට පත්වන්නේ ආසියානු ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණාත්මක අවස්ථාවකය. ඔහු බිම් මට්ටමේ සංවර්ධනයට ප්‍රමුඛත්වය දීම සහ නැගී එන ක්‍රිකට් රටවල් ගෝලීය වේදිකාවේ විශිෂ්ටත්වය දැක්වීමට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka