gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රිලවු මරා දමන්න.. කෑගැහුවට ගණන් ගන්න එපා! - එස්.බී

රිලවුන් වඳුරන් සතුන් වැඩිපුර සිටින ප්‍රමාණය වාර්ෂිකව ඝාතනය කිරීම කළ යුතු දෙයක් බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

සතුන් මරා දැමීම සම්බන්ධයෙන් ඇතැමුන් විරෝධතා දැක්වුවද ඒවා ගණන් ගත යුතු නැති බවද හෙතෙස කියා සිටී.

යාපනය ප්‍රදේශයේ අවුරුදු පතා පෝනියන් මරා දමන බවත්, රට පුරාම වසරකට වතාවක් ආයාලේ යන සුනඛයන්ද මරා දමන බවත් ඔහුම සිහිපත් කරයි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ අදහස සම්බන්ධයෙන් තමන් සම්පූර්ණයෙන්ම එකඟ වන බව ද කියා සිටී.

කෙසේ නමුත් වල් අලි ගැටලුව සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් ආකාරයෙන් ක්‍රියා කළ යුතු බවත් ලංකාවේම අලි සිටින්නේ සීමිත ප්‍රමාණයක් නිසා අලි වැට ශක්තිමත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග සඳහා රජය යොමු විය යුතු බවද කියා සිටියේය.

පරිසරවේදීන් දෙස පමණක් බලා කටයුතු කිරීමට ගියහොත් කෘෂි කර්මාන්තය හා මෙරට ජනතාව ආරක්ෂා කරගැනීමට නොහැකිවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේ කොළඹදී මාධ්‍ය අමතමිනි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka