මන්ත්‍රීලාට රජයෙන් වාහන දීම අත්හිටුවයි.. බලපත‍්‍රයත් නෑ.. තෙල් කෝටාවක් විතරයි!
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක් ලබාදීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවු ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තම කටයුතු සඳහා නිල වාහනයක් වෙනුවට ඔවුන්ගේ පුද්ගලික වාහන වලට ඉන්ධන කෝටාවක් ලබා දීමට අවධානය යොමු කර තිබේ.
නමුත් අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහනයක් ලබා දීමට පැවති තීරණය එලෙසම ක්‍රියාත්මක වෙයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් රජයෙන් වාහනයක් ලබාදීමට විරුද්ධ පක්ෂයෙන්ද දැඩි විවේචන එල් වූ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබා දෙන්න නම් ඒ හා සමාන වාහනයක් තමන්ටද ඉල්ලා සිටින බව විපක්ෂ මන්ත්‍රීවරු සඳහන් කර තිබින.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා බදු නිදහස් වාහන බලපත්‍රය ලබා දීමේ මෙතෙක් පැවති ක්‍රමවේදය අත්හිවීමට නව රජය තීරණය කර ඇති අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මන්ත්‍රීලාට රජයෙන් වාහන දීම අත්හිටුවයි.. බලපත‍්‍රයත් නෑ.. තෙල් කෝටාවක් විතරයි!
2024-12-02T17:06:00+05:30
Gossip Lanka Hot News





