දුරගමන් සේවා දුම්රිය වල ආසන වෙන්කර ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර බව ප්‍රවාහ සහ මහා මාර්ග නියෝජ්ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
කිසියම් කණ්ඩායමක් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ප්‍රවේශ පත්‍ර බහුතරයක් වෙන්කර පසුව ඒවා දෙස් විදෙස් සංචාරකයන්ට වැඩි මිලකට අලවි කරන බවට පැමිණිලි ලැබී ඇතිබව පැවසීය.
මේ හේතුවෙන් සංචාරයේ යෙදෙන්නන්ට දැඩි පීඩාවක් සිදු වෙයි.
එම ක්‍රියාවේ නිරත පුද්ගලයන්ගේ දුරකථන අංක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට බාරදී තිබේ.
ඒ අනුව අදාළ වංචාවෙ නිරත සියලු පුද්ගලයන් කඩිනමින් අත්තඩංගුවට ගැනීමට හැකි වනු ඇතිබව පැවසීය.
වෙන්කල ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීම දැඩිකරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතිබව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත