අධික බීමතින් රිය පදවා අනතුරක් කළ ලොහාන් රත්වත්ත නැවත අත්අඩංගුවට!
අධික බීමතින් රිය පදවා දරුණු රිය අනතුරක් සිදුකිරීමේ වරදට කොල්ලුපිටිය පොලිසිය විසින් ලොහාන් රත්වත්ත අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය හන්දියේ දී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දී ඔහු අධික බීමතින් සිට ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
හොර වාහන සිද්දියක් සම්බන්ධව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ලොහාන් රත්වත්ත ඇප මත නිදහස්ව පැමිණියේ පෙරේදා දිනයේ දී ය.
අධික බීමතින් රිය පදවා අනතුරක් කළ ලොහාන් රත්වත්ත නැවත අත්අඩංගුවට!
2024-12-07T07:16:00+05:30
Gossip Lanka Hot News






