gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ණය ප‍්‍රතිව්‍යුහගතකරණ උපදේශකයන්ට ගෙවන්න බිලියන තුනක් ඉල්ලයි... වැල් පාලමේ රෙදි නැතිව පෙරට!

ණය ප්‍රතිව්‍යුගතකරණයට ක්‍රියාවලියට අදාළ මුල්‍ය හා නීති උපදේශකවරුන් සඳහා  ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන ලද ගෙවීම් ප්‍රතිපූර්ණය කිරීමට රුපියල් මිලියන 3213 ක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ රජය රට හදන්න වැල් පාර්ලිමේ ගියේ රෙදි ඇඳගෙන වුවත් අද ජනාධිපති අනුර දිසානායක මහතා හා වත්මන් ආණ්ඩුව වැල් පාර්ලිමේ යන්නේ රෙදි නැතුව යයිද ඔහු කියා සිටී.

අද පාර්ලිමේන්තුවේදී පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දරන්නන් සමඟ ඇති ණය තිරසාර ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතු බවත් ඔහු පැවසීය.

ණය තිරසාර ගිවිසුම පිළිබඳ තොරතුරු මන්ත්‍රීවරුන් දැනගත යුතු බවත් පැවසූ ඔහු පසුගිය රජය ඇතිකරගත් එකඟතාවයෙන් ඉදිරියට යනවාද නැතිනම් අලුත් ගිවිසුමකට ගියාද යන්න දැනගන්න අවශ්‍ය යයිද පැවසුවේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka