තනි අලියා තොන්ඩමන්ට අලුත් තනතුරක්!
එක්සත් ජාතික පක්ෂයේ “අලියා” ලකුණින් තරග කර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු ජීවන් තොන්ඩමන් පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස නම් කර ඇත.
ජීවන් තොන්ඩමන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වශයෙන් පත් කරන ලෙසට වන ඉල්ලීම කථානායකවරයා වෙත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
පාර්ලිමේන්තුව මන්ත්‍රී කණ්ඩායම් නායක ලෙස මුලින් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න පත් කිරීමට තීරණය කර තිබුණද පසුව එම තීරණය වෙනස් වී ඇත.
ඒ අනුව සිලින්ඩරය සහ අලියා ලකුණින් මහ මැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රී කණ්ඩායමේ නායක වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන්ය.
තනි අලියා තොන්ඩමන්ට අලුත් තනතුරක්!
2024-12-07T11:08:00+05:30
Gossip Lanka Hot News






