අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළේය.
ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ එළඹෙන (09) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
ලොහාන් රත්වත්තේ සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී ඊයේ (06) දින අනතුරක් සිදුවිය.
කොල්ලුපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ලොහාන් රත්වත්තේ බීමතින් රිය පදවා ඇති බවයි.