ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට නිල වාහන ලබාදීමට රජය මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ ප්‍රකාශ කළේය. ඔවුන්ට නිල වාහන ලබාදීම වෙනුවට ඉන්ධන කෝටාවක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්තිවලට පටහැනි වාහන පිළිබඳ ගැටලුව සලකා බැලීමෙන් පසුව මෙම තීරණය වෙනස් කර ඇත.
ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට වාහන නිකුත් කිරීමට ගෙන ඇති පියවර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ද ලක් වූ අතර ඔවුන්ගෙන් ඇතැමෙකු කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහන නිකුත් කරන්නේ නම් තමන් ද එවැනි වාහන ඉල්ලා සිටින බවයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් දැනටමත් ප්‍රකාශ කර තිබුණේ රජය විසින් ලබා දෙන වාහන තමන් භාර ගන්නා බව පෙන්වා දෙමින් ඔවුන්ගේ ගමන් බිමන් සඳහා වාහන අවශ්‍ය බව පෙන්වා දෙමිනි.
කෙසේ වෙතත්, කැබිනට් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහන හිමිවනු ඇත.
මේ අතර මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය රජය තවදුරටත් ගෙන නොයන බවයි.
සෑම වසර පහකට වරක්ම එම පහසුකම ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන නමුත් තම අමාත්‍යාංශය මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොකරන බවද ඔහු පැවසීය.
එමෙන්ම අමාත්‍යවරුන්ගේ ප්‍රයෝජනය සඳහා නව වාහන ආනයනය නොකරන බවද ඔහු කියා සිටියා.
අමාත්‍යවරුන් සහ විවිධ අමාත්‍යාංශ භාවිත කරන V8 වාහන 228ක් වෙන්දේසි කිරීමට කටයුතු කරන අතර රජයට V8 වාහන ගෙන්වීම තවදුරටත් සිදු නොවන බව අමාත්‍ය විජේපාල මහතා පැවසීය.
“ඒ වෙනුවට අපි අඩු මිල, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව සහ අඩු නඩත්තු පිරිවැය සහිත වාහන ආනයනය කරනවා,” ඔහු පැවසීය.