හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයෙක්ව (මල්ලී) සොයා පසුගියදා කාන්තා සහ පිරිමි පාර්ශවයේ පිරිසක් ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වැඩසටහනක් පටිගත කරමින් සිටින අතරතුර එම ස්ථානයට කඩා වැදීමේ පුවතක් වාර්තා වනවා.
මෙම පිරිස එලෙස කඩාපැන ඇත්තේ මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ මල්ලී චමුදිත සමග වැඩසටහනක් පැවැත්වීමට පැමිණෙන බවට තොරතුරක් සැලවීමෙන් ඔහුව ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම සඳහා බවයි වාර්තා වන්නේ.
එයට හේතුව නම් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා විසින් පුද්ගලයින් විදෙස්ගත කරන බවට පවසා එම පැමිණි පිරිස සහ තවත් විශාල පිරිසකගේ මුදල් වංචා කර තිබීම බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් එම පිරිස මොහුව අල්ලා ගැනීමට පැමිණ ඇති අතර ඔහු එම අවස්ථාවේ පැමිණි නොසිටි බැවින් එම පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
කෙසේවෙතත් මෙම සිදුවීම පිළිබඳ පුවත සම්බන්ධයෙන් අප මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර, එහිදී ඔහු පැවසුවේ මෙවැනි සිදු වීමක් පසුගිය සිකුරාදා දිනයේ සිදු වූ බවයි.
මෙම තොරතුරු අනුව මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ මල්ලි විසින් පුද්ගලයින් විදෙස්ගත කරන බව පවසා මුදල් වංචා කිරීමක් සිදුකර ඇත්නම්, මේ සම්බන්ධයෙන් වහාම නිවැරදි පරීක්ෂණයක් සිදු කර මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කළයුතුව ඇත.