gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිලින්ඩරේ ජාතික ලයිස්තු මන්ත්‍රී කම ද?… අනේ ඒක රවී ගේ නෝනට දෙන්න කියන්න… එස්.බි කියපු ඉල ඇදෙන කතාව…

සිලින්ඩරේ ඉතිරි ජාතික ලයිස්තු මන්ත්‍රීකම දැන් නම් රවී ගේ නෝනට ලබා දුන්නත් කමක් නැතැයි හිටපු අමාත්‍ය එස්.බී දිසානායක පැවසුවේය. “අනේ… මම නම් ඒත් කැමතියි” එස් බි කිව්වේය. ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අතර තුර එස්. බී කීවේය.

” අර ලේකම්වරියටම පත්වෙන්න කියන්න ඕන ඒක තමයි වඩාත්ම සුදුසු…” එස් බී සිනාසෙමින් කීවේ අවට සිටි උන් ද හිනස්සමිනි.


මාධ්‍ය – සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ලැබෙන්නේ කාට ද?

එස්. බී –ඒක නම් මම කතා කරන්නවත් කැමති නෑ… ඒක අප්පිරියයි. ඒ නිසා ඕන එකෙකුට ඕන විදිහකට ඕක ගියාවේ. මගේ නම දාන්න හැදුවා තරග කරන්නේ නෑ කිව්වාම. මම කිව්වා අපෝ නම දාන්න එපා කියලා.

මාධ්‍ය  – රනිල් මහත්තයා දැන් කාට දෙයි ද මේ සිලින්ඩරේ මන්ත්‍රීකම

එස්.බී – සිලින්ඩරේ ඒතුමාගෙ නෙමෙයිනේ. ඒක ස්වාධීන ලකුණක්. අපි ඒ ලකුණ ගත්තා

මාධ්‍ය -” ඔබ තුමා හිතන්නේ ඔය මන්ත්‍රී ධූරය කාට ලැබුනොත් හොඳයි කියල ද?
එස්.බී – ඒක නම්  කාට දුන්නත් කමක් නෑ. මටනම් ඒක කිසිම වැදගත් කරමක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕන කෙනෙකුට ඕක දෙන්න කියන්න. රවීගේ නෝනට දුන්නත් කමක් නෑ. ඒකටත් මම කැමතියි… කිසී…..ම ගැටලුවක් නෑ…”

“එහෙම නැතිනම් අර ලේකම් තුමිය… එතුමියටම පත් වෙන්න කියන්න… ඒක වඩා හොඳයි…” හිටපු ඇමති එස් බී දිසානායක පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka