gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රී අර්චුනා අල්ලා පොලිසියට බාර දෙන්න යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා නැවත වතාවක් යාපනය ශික්ෂණ රෝහල වෙතට පැමිණ රෝහල් කටයුතුවලට බාධා කරන්නේනම් ඔහුව අල්ලා යපනය පොලීසියට බාර දෙන බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.

රෝහල් අධ්‍යක්ෂකවරයා මේ බව පවසා සිටයේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා මහතා යාපනය ශික්ෂණ රෝහලට පැමිණ රෝහලේ දෛනික කටයුතු වලට බාධාකරමින් හැසුරුණු බව පවසමින් යාපනය පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීම සමබන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂකවරයා පවස සිටයේ,

‘ යාපනය රෝහලට දෛනිකව රෝගීන් 2000 කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බවටත් රෝහල කටයුතු නිසි ලෙසින් අධික්ෂණය කල යුතු මොහොතක කිසිදු දැනුම් දීමක් සිදු නොකට අදාල මන්ත්‍රීවරයා රෝහලට පැමිණ රෝහල් කාර්යමණ්ඩලයේ රාජකාරි වලට බාධා කොට තමන් මුණගැසීමට අනවසරයෙන් උත්සහ දරා ඇති බවටත් ඒ අවස්ථාවේදී තමන් මුණ ගැසීමෙන් අනතුරුව අදාල මන්ත්‍රීවරයාට සර් යන්නෙන් ආමන්ත්‍රණය කරන ලෙසට තමන්ට විධානය කල අවස්ථාවේදී තමන් ඒය ප්‍රතික්ෂේප කොට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් යන්නෙන් ආමන්ත්‍රණය කිරීමට හැකි බව පැවසීමෙන් පසු තමන්ට බැණ වදිමින් තමන් පර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කරන බවටත් රෝහල් අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවටද පැවසූ බවට රෝහල් අධ්‍යක්ෂක වරය පවසා සිටියේය.

මේ හේතුව නිසවෙන් නැවත ඒවැනි කටයුත්තක් හෝ රෝහලේ රාජකාරි කටයූතු වලට අදාල මන්ත්‍රීවරයා විසින් බාධා කරන්නේනම් රෝහලේ ආරක්ෂක නිලධරීන් මාර්ගයෙන් මන්ත්‍රීවරයා යාපනය පොලීසියට භාරදීමට පියවර ගන්නා බවටද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka