gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මනූෂගේ කාලේ විදෙස්ගත ශ්‍රමිකයන්ට ගෙන්වන්න දීපු විද්‍යුත් වාහන බලපත්වලින් ගහපු ගේම් එකින් එක එළියට එයි! රට නොගිය 4 දෙනෙකුටත් බලපත්‍ර දීලා! එකසිය තිස් අට කෝටි හතළිස් ලක්ෂයක බදු ආදායමක් ආණ්ඩුවට නැති වෙලා!

විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ වැඩසටහන යටතේ එම නිශ්චිත කාලයේ දී වරින් වර විදෙස්ගත වූ පුද්ගලයන් හාරසිය දහනව දෙනකුගේ ගිණුම්වලට ඇමරිකානු ඩොලර් පන්කෝටි පනස් හය ලක්ෂයකට අධික මුදලක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි එක්දහස් හයසිය හැට අටකට අධික මුදලක්) බැර වී ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයන් අතරින් එකසිය අටදෙනෙක් වාර දහයේ සිට වාර තිස් නවයක් දක්වා වූ වාර ගණනක් විදේශගත වී තිබෙන බවත් හෙළි වී ඇත.

මේ බව හෙළි වී ඇත්තේ එම වැඩසටහන සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් වන අතර දින තුනත් දහයත් අතර කාලයක් විදේශගතව සිටි පුද්ගලයෝ පස් දෙනෙක් ද දින දහනවයත් මාස තුනත් අතර කාලයක් විදේශගතව සිටි පුද්ගලයෝ දස දෙනෙක් ද ඒ අතර වෙති.

මෙම බලපත්‍ර හිමිකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂා කර යම් අක්‍රමිකතාවක් සිදු කර තිබේ නම් ඒ සඳහා වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් රජයට සිදුව ඇති අලාභයන් ඔවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.

මෙම පුද්ගලයන් සඳහා ද බලපත්‍ර ලබා දීමට එවකට කම්කරු හා විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශය කටයුතු කිරීම හේතුවෙන් සලකා බලන ලද කාලසීමාවේදී ගිණුම්වලට කවරාකාරයකින් හෝ ලැබී ඇති ප්‍රේෂණ මුදල පිළිබඳව පමණක් අවධානය යොමුකර තිබූ බව ද එම පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර එම කාලසීමාවේ දී විදේශගත නොවූ පුද්ගලයන් සිව් දෙනකුට ද බලපත්‍ර නිකුත් කර තිබේ. එම තැනැත්තන්ගේ ගිණුම්වලට ඇමරිකානු ඩොලර් හාර ලක්ෂ හතළිස් පන් දහස් නවසිය හතළිස් දෙකක (ආසන්න වශයෙන් රුපියල් දාහතර කෝටි විසි නවලක්ෂයක්) විදේශ ප්‍රේෂණ ලැබී ඇති බවත් පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත. ඒ අතරින් තිදෙනෙක් සියයට සියයක් ද අනෙක් බලපත්‍රලාභියා සියයට හැත්තෑ තුනක් ද වශයෙන් ගිණුම්වලට ලැබී තිබූ ප්‍රේෂණ ඉවත් කරගෙන තිබී ඇත. විදේශගත නොවූ පුද්ගලයන්ගේ ගිණුම්වලට ලැබී තිබූ මෙම විදේශ මුදල් ප්‍රේෂණ මුදල් විශුද්ධිකරණය මගින් හෝ වෙනත් අනීතික ආකාරයකින් ලද මුදල් නොවන බවට අමාත්‍යාංශය තහවුරු කරගෙන නොතිබූ බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම වැඩසටහන යටතේ බලපත්‍ර එක්දහස් හැත්තෑ හතක් නිකුත් කර තිබේ. මෙම බලපත්‍රයක හිමිකම ලැබීමට විදේශගත වී සිටිය යුතු අවම නිශ්චිත කාලසීමාවන් අමාත්‍යාංශය නිශ්චය කර නොතිබූ බව ද පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම වසරේ ජුනි මාසය වන විට ආනයනය කර තිබූ වාහන 510ක් සඳහා පමණක් සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ හැටේ සිට එක්කෝටි විසිලක්ෂය දක්වා ඉහළ දැමීම නිසා රුපියල් එකසිය තිස් අට කෝටි හතළිස් ලක්ෂයක බදු ආදායමක් රජයට අහිමි වී තිබෙන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

බලපත්‍ර ගොනු හැට හතරක් විගණන පරික්ෂාවට ඉදිරිපත් කර නොමැති අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී විනිවිදභාවය ආරක්ෂා කර නොතිබූ බවට ද විගණකාධිපතිවරයා නිගමනය කර ඇත.

ඉකුත් 2022 මැයි මස පළමු වැනිදා සිට 2023 වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා කාලය ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

-අරුණ
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka