මගීන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේදී අනතුරට ලක්ව තිබේ. කොරියානු මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනුයේ ගුවන් යානය ගොඩ බැස්වීමේදී ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී ඇති බවය.
අනතුරට පත්වන අවස්ථාවේදී මගී ගුවන් යානය තුළ මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැඳි සිට තිබුණි.
ගුවන් යානය තායිලන්තයේ සිට ආපසු පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදි මෙම අනතුර සිදුව ඇත.
කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
කෙසේ නමුත් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.