gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගම්මන්පිලගෙන් විජිතට පුණ්‍යානුමෝදනාවක්!

ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සර්වජන බලයේ මහ මැතිවරණ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පැවසූවේ තමා ආරාධනා කළ විවාදයට පැමිණීම පිළිනොගනිමින් අමාත්‍ය විජිත හේරත් මහතා රට හමුවේ අසත්‍ය ප්‍රචාරය කරන බවට පිළිගෙන ඇති බවයි.

”හේරත් අමාත්‍යවරයා කට ඇරියොත් කියන්නේ බොරු, ඔහු පාස්කු වාර්තා ගැන කිව්වේ බොරු, ඒ වගේම ණය ලබා ගැනීම ගැන ප්‍රකාශ කළෙත් බොරු, නමුත් එතුමා කියන්නේ මම බොරු කියනවා කියලා.

බොරු කියන්නේ මමද එතුමද කියලා ජනතාවට තේරුම් ගන්න තමයි මම එතුමාට ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කළේ. ඒත් හේරත් මැතිතුමා විවාදයකට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම තුළ එතුමා බොරු කියන බව පිළිගැනීමකට ලක් කරලා තියෙනවා. එහෙම කළාට එතුමට බොහොම පිං “


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka