තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ දිවුරුම් දී පැමිණි රවී කරුණානායක අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේය.
යූඇන්පී කාරයෙක් වූ තමන් ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වනවාට කැමති නැති බව කියන්නට මේ සභාපති හාදයා කවුදැයි රවී කරුණානයක විමසුවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන රවී කරුණානායක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට නම් කිරීම පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දෙමිනි.
රවී කරුණානායක මෙසේ ද පැවසුවේය.
” ඇත්තවශයෙන්ම මට මේ වෙලාවෙදි රනිල් වික්‍රමසිංහ ගැනත් පේනවා. එතුමා ප්‍රාණ ඇපකරුවෙක් බවට දෙන්නෙක් තුන්දෙනෙක් විසින් පත් කරලා තියන එක. මේක මේ ට්‍රයිෂෝ එකක් වගේ අරන් හයර් එකට දුවනවා වගේ පක්ෂයක් නෙමෙයි. ඒ වගේ අවුරදු විස්සක් වැඩ කරලා තියනකොට ඇයි මේ අවස්ථාවේ දී විතරක් ප්රශ්නය ඇති වෙලා තියෙන්නේ.”
“මේක නායක තුමා විසින්ම මේක ප්‍රකාශ කළාට පස්සේ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වුනා. මොකද මේ අය දැනගත්තා පසුව ගිවිසුමක් තියනවා කියලා. මොකද මම යූඑන්පී කාරයෙක් නොවෙයිද… ( මේ පත් කිරීමට) යූඑන්පී අනූනවයි ශදම නවයක් කැමතියි. සභාපති කියලා තිබ්බා අපි රවීට කැමති නැහැයි කියලා. කවුද මේ හාදයා කියන්නේ එහෙම.”
“පක්ෂය නැති කරලා තියෙන්නේ දෙන්නෙක් තුන්දෙනෙක්ගෙ කල්ලිය නිසා.’
පක්ෂය සමග ඇතිවුන මෙම ගිවිසුම ගැන වජිර අබේවර්ධන නොදන්නාවා නමුත් රනිල් වික්‍රමසිංහ දන්නා බවත් රනිල් ඒ ගැන කතා නොකරන්නේ ඒ නිසා බවත් රවී කරුණානායක පැවසුවේය.