gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෝටි 300ක් රේගුවට වංචා කරන්න ගිය ලොක්කන් දෙදෙනෙක් රට පනින්න යයි

රුපියල් කෝටි 300 වඩා වටිනා කමකින් යුත් තීරු බදු රහිතව මෙරටට ගෙන්වා ගත් රෙදි පිළි බහාලුම් 10 කට වැඩි තොගයක් සාපරාධී ලෙස අනවසර පාර්ශවයකට විකිණීමට තැත් කර තිබියදී ලැබූ තොරතුරු මත රේගුව විසින් වැටලීමක් කර එම තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අභ්‍යන්තර තොරතුරු අනුව සමාගමේ කොටස් හිමි ඉහළම තනතුරු දරන පිය පුතු දෙදෙනා, ඔවුන්ගේ ඥාති පුත්‍රයෙකු හා විගණනය භාර නිළධාරියා ඇතුළු වගකිවයුතු පාර්ශව කිහිපයක් මෙම වංචාවේ යෙදී ඇතැයි සැකයක් පවතයි.

මෙමගින් රජයට සහ රේගුවට වංචා කර ඇති මුළු මුදල රුපියල් බිලියන 10 කට වැඩි බවද පැවසෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සේවකයෙකු රේගුව විසින් ප්‍රශ්න කරමින් ඇතැයිද වාර්තා වන අතර එම සේවකයා බිල්ලට දී ප්‍රධාන සැකකරුවන් විදෙස් ගතවීමට සූදානමක් ඇති බවත් සමාගමේ සේවකයන් කියති.

වෙළෙඳපොළ ලයිස්තුගත මෙම සමාගමේ අක‍්‍රමිකතාවලට විරුද්ධව සමාගමේ ඉහළ තනතුරු දැරූ නිලධාරීන් කිහිප දෙනෙක් පසුගිය වසර කිහිපය තුළ ඉල්ලා අස් ව ඇති බවත් සේවක ආරංචි මාර්ග පවසයි.

කොටස් වෙලදපලට නිකුත් කරන ලද කොටස් අගය දිගින් දිගටම බිලියන ගණනින් පාඩු ලැබීමත් සමග අදාල කොටස් මිලට ගත් පිරිස් පැමිණිළිද කර ඇතැයි වාර්තා වෙයි.

ආයොජන මුදලින් මිලට ගත් විදෙස් කම්හල්ද කුණු කොල්ලයට විකිණීම සිදුවන බවද සේවකයන් පෙන්වා දෙති.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka