ඊයේ (13) සොයාගත් බව සූරිය වැව පොලිසිය විසින් ඡන්ද පොළකට පහර දීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ලොරි රථයේ සූක්ෂමව සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙකක් සහ කඩුවක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
පොලීසිය පවසන්නේ ටී 56 ගිනි අවියක් ලොරි රථයක සඟවාගෙන ඡන්ද පොළකට පහරදීම සඳහා සූදානමින් සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව සූරිය වැව පොලිසිය වහා ක්රියාත්මක වී සිදුකළ විමර්ශන වලදී එම ලොරියේ ඩිෆරන්සරයේ උඩ කොටසේ ඉටි බෑගයක ඔතා සඟවා තිබූ ගිනි අවිය, බෝම්බ සහ උණ්ඩ සොයාගැනීමට හැකිවූ බවයි.
පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන අතර ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇත.