gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ‘ජාතියේ’ එල්ලෙයි – කැබිනට් එකේ මුස්ලිම් ඇමති කෙනෙක් නැති එක ගැන විස්සෝප වෙයි!

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී ඊට කිසිදු මුස්ලිම් අමාත්‍යවරයකු ඊට ඇතුළත් නොවීම සම්බන්ධව කණගාටුවට පත්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ ජනමාධ්‍ය හමුවක් පැවැත්වීය.

එම ජනමාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක රිෂාඩ් මහරුෆ් සහ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මොහොමඩ් අනස් මෙසේ අදහස් දැක්විය.

මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක රිෂාඩ් මහරුෆ්,

“70%කට‍ අධික ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව ජාතික ජන බලවේගයට මෙවර ඡන්දය ලබාදුන්නා. නමුත් පත්කළ කැබිනට් මණ්ඩලයේ එකම මුස්ලිම් නියෝජනයක්‌ හෝ නොමැති වීම පිලිබඳ අපි ගොඩක් කණගාටු වනවා. මැතිවරණකදී නියෝජනය සලකා බලන්නේ මුස්ලිම් කෙනෙක්, දමිළ කෙනෙක් වැනි ආකාරයට. නමුත් 1948න් පසුව පළමු වරට ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය තුල මුස්ලිම් නියෝජනයක්‌ නොමැති පළමු අවස්ථාව මෙයයි. මේ රජය බලයට පත් වීමට මුස්ලිම් ඡන්ද විශාල ප්‍රමාණයක් භාවිතා කලා. ඒ ගැන කතා කලා. නමුත් ඒ පිලිබඳ අවධානය යොමු නොකිරීම ගැන අපට විශාල සැකයක් පවතිනවා. මෙය කාගේ හෝ සැලසුමකට සිදු කල දෙයක්ද කියන සැකය අපට තිබෙනවා.

2019 ගෝඨාභය රාජපක්ෂ රජය බහුතර සිංහල ඡන්දයෙන් බලයට පත් වූ අවස්ථාවේ අලි සබ්‍රි මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දුන්නා. මෙවර දමිළ නියෝජිතයින් දෙදෙනෙක් ඇතුලත් වෙලා තිබෙනවා. දෘෂ්යාබාදිත කෙනෙක් පවා ඇතුලත් වෙලා තිබෙනවා. සෑම අංශයකම අය ඇතුලත් උනත් මුස්ලිම් කැබිනට් අමාත්‍යවරයෙක් නොමැති වීම අපට ලොකු සැකයක්. මැතිවරණයට පෙර අනුර දිසානායක මහතා පල්ලියේ ආගමික වතාවත් ඉටු කරන අවස්ථාවේ තමන්ගේ කතාව පවා නතර කර ඊට ගෞරව දැක්‌වුවා. නමුත් දැන් මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන ලොකු සැකයක් ඇති වනවා.”

කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මොහොමඩ් අනස්,

“නව කැබිනට් මණ්ඩලයට මුස්ලිම් නියෝජිතයෙකු නොමැති ප්‍රශ්නය මට තිබෙනවා. මීට පෙර රජයන් වල අලි සබ්රි මහතා, ෆවුසි මහතා වැනි ඇමති වරුන් විශාල පිරිසක් කටයුතු කලා. නමුත් මෙවර මුස්ලිම් ඇමතිවරයෙක් නැහැ. මුස්ලිම් ජනතාවට ගරු කරන බව කියමින් මුස්ලිම් ඡන්ද විශාල ප්‍රමාණයක් ලබා ගත්තා. මේ තත්වය අනුව මේ ලැයිස්තුව කවුරු හරි හදලා දුන්නද කියලා සැකයක් අපිට තියෙනවා. මේ අයට උදව් කරපු හැම කෙනෙක්ම නියෝජනය කරන අය කැබිනට් එකේ ඉන්න ඕනේ. ජනාධිපතිතමා මේ ගැන පැහැදිලි කිරීමක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka