සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම විකුණා මුදල් ගරයි
සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකු දුරකතන,වට්ස් ඇප් හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කර මුදල් එකතු කිරීමේ ක්‍රියාවක නිරත නොවෙයි.
ඒ අනුව එවැනි වංචාකරුවන්ට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු වීමෙන් වළකින ලෙස දැනුම් දෙයි.
එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටීයී.
– නාගොඩ සුමන උදයන්ත
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම විකුණා මුදල් ගරයි
2024-11-15T08:46:00+05:30
Gossip Lanka Hot News





