මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කුසලානය ලකුණින් තරග කළ 'සර්වජන බලය' පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව178,006 ක් වූ අතර එකදු ආසනයක් හෝ හිමිනොවීය. කෙසේ වෙතත් සමානුපාත ක්රමයේ වාසියෙන් ඡන්ද ප්‍රතිශතය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර එකක් එම පක්ෂයට හිමි විය.
ඒ අනුව සර්වජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පළමුවෙන්ම නම තිබෙන හේමකුමාර නානායක්කාර මහතා එම මන්ත්‍රී ධූරය සඳහා නම් කර යවනු ඇතැයි අපේක්ෂාව වූ නමුත් පක්ෂ නායකයා වූ දිලිත් ජයවීරට තිබුනේ වෙනත් අදහසකි.
දිලිත් ජයවීර ගම්පහින් අංක 10 යටතේ තරග කොට පරාජයට පත්ව සිටි අයෙකු වූ නමුත් ඔහුට අවශ්‍ය වූයේ ලැබුණු වාසි අවස්ථාව ඔහු වෙත උදාකරගැනීමටය.
ජාතික ලැයිස්තුවේ නම නැති වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා නම් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නැවත මතක් කරන ලද අතර මේ හේතුවෙන් පෙර ලබාදී තිබූ 29 දෙනෙකුගෙන් යුතු ජාතික ලැයිස්තුවට පිටින් කෙනෙකු නම් කිරීම කළ නොහැක්කක් විය.
හේමකුමාර නානායක්කාරගේ හෝ එම 29 දෙනාගේ නම් වෙනුවට පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මන්ත්‍රී ධූරය සඳහා නම් කරන්නට නම් ලැයිස්තුවේ සිටින 29 දෙනාම කැමැත්තෙන් ඉල්ලා අස්වූ බවට හෝ සිය අවස්ථාව මැතිවරණයේ තරග කළ කෙනා වෙනුවෙන් ලබාදීමට කැමති බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා සිටීමට අවශ්‍ය විය.
මෙම පටලැවිල්ල ඊයේ සිට පැවති අතර අද එය නිරාකරණය කරගෙන
මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මහතා දිලිත් ජයවීර මහතා ධූරයට නම් කරන ලෙස දන්වා තිබේ.
10 වන පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් නම් කරන පුද්ගලයන්ගේ නම් ලැබෙන පරිදි විමර්ශනය කර පිළිගැනීමට කොමිසම කටයුතු කරන අතර අද දහවල් කාලයේම දිලිත් ජයවීරගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පිලිගන්නට කොමිසම කටයුතු කර එයට අදාළ ගැසට් පත්‍රයද ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව එම පක්ෂයේ කලින් නම් කළ 29 දෙනා වෙනුවට දිලිත් ජයවීර පත්කර තිබේ.
දිලිත් වෙනුවෙන් තම අවස්ථාව අහිමිකරගත් 29 දෙනා වන්නේ පහත අයයි.
හේමකුමාර නානායක්කාර, ගීගනගේ වීරසිංහ, රංජන් කුමාර සෙනෙවිරත්න, ගාමිණී වලේබොඩ, අන්තනි හර්ෂ ප්‍රනාන්දු, නාලක පෙරේරා, ආරුමුගම් කනපති පිල්ලේ, රොෂාන් ගුණතිලක,පුංචි නිලමේ මීගස්වත්ත, සමීර සෝමරත්න, ටියුඩර් වීරසිංහ,කාරියවසම් නන්දසිරි වීරසිංහ, ජගත් කොඩිතුවක්කු, හෙට්ටිආරච්චි, රුවන් රුක්මන් තිලකරත්න, තනුජා රත්මලේ, රානුක මාරසිංහ, ෂෙහාන් අබේපිටියගේ, සූරිය බණ්ඩාර දිසානායක, මොහොමඩ් හසන්, තිළිණ පීරිස්,