gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“නීතිය හා සාමය ඔයා තියාගන්න. ආර්ථිකය අපිට දෙන්න.” චරිත් අබේසිංහගෙන් අනුරට විවෘත අභියෝගයක්. (video)

චරිත් අබේසිංහ කලාව තුළ ජනප්‍රිය චරිතයක්. ටෙලි සිනමා අධ්‍යක්ෂවරයෙකු, නළුවෙකු සහ නිවේදකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් චරිත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්, සමගි ජන බලවේගයෙන් තරඟ වදිනවා. 
චතුර, තර්කානුකූල කථිකයෙකු වන චරිත් මේ දිනවල රූපවාහිනී හා යූටියුබ් සංවාදවල වැඩියෙන් පෙනෙන චරිතයක් බවට පත් වෙලා. ඔහු පසුගිය දා යූටියුබ් වැඩසටහනක දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට විවෘත අභියෝගයක් කරමින් ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීම සමගි ජන බලවේගයේ කණ්ඩායමට ලබා දෙන ලෙස පවසා සිටියා.

ජනාධිපතිවරයා විසින් ලබා දුන් ප්‍රධානම පොරොන්දුවක් වූයේ හොරුන් ඇල්ලීමයි. ඒ සඳහා නීතිය හා සාමය අමාත්‍යංශයත්, අධිකරණ අමාත්‍යංශයත් ජනාධිපතිවරයා යටතේ තබා ගන්නා ලෙස යෝජනා කරන චරිත්, ආර්ථිකය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි කණ්ඩායමක් වන සමගි ජන බලවේගයට එම වගකීම බාර දෙන ලෙස සඳහන් කරන්නේ ඒ සඳහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ආර්ථික යෝජනා පිළිබඳ ඉස්මතු කරමින්.

ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ විවේචනාත්මක අදහස් රැසක් චරිත් විසින් මෙම වැඩසටහනේදී මතු කරනවා. රටේ ආර්ථිකය ගොඩ නැංවීමට ක්‍රියාත්මක කළ යුතු විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව සඳහන් කරමින්, රටට ඩොලර් ගෙන ඒම සඳහා කළ හැකි යෝජනා රැසක් ද චරිත් මෙම කතාවේදී මතු කරනු ලැබුවා. 

“අවුරුදු 75ක් මුකුත්ම කළේ නෑ කියන මතවාදයක් විශ්වාස කරපු, ලයිට් කණුවක් වත් හිටවපු නැති ජනාධිපතිවරයෙක් අපි පත් කළා. ආරක්ෂාව ඇතුළු හැමදේම අඩු කරනවා. වැඩි කිරීමට මොනවද කරල තියෙන්නෙ?” 

ජනාධිපතිවරයා ඇතුළු මාලිමා රජය විසින් කප්පාදු කිරීම් ගැන මහ ඉහළින් කතා කළත් ආර්ථිකයේ වර්ධනය විය යුතුම තැන් පිළිබඳ තවමත් අවදානයක් යොමු නොවීම වත්මන් ජනාධිපතිවරයා ඇතුළු මාලිමා රජයට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක්. 

තරුණයන්ට අතදෙන වැඩපිළිවෙළක් තිබීමේ වැදගත් පිළිබඳව ද කරුණු කිහිපයක් මතු කරන චරිත්, සමගි ජන බලවේගය පවා පක්ෂයක් ලෙස යාවත්කාලීන විය යුතු බව සඳහන් කරනවා.

Online හරහා ඩොලර් උපයන තරුණයන්ට අතදෙන, පහසුකම් සලසන වැඩපිළිවෙළක අවශ්‍යතාව ද සඳහන් කරන චරිත්, Paypal පිළිබඳ කාරණය ද මතු කර දක්වමින් පෙන්වා දෙන්නේ ආර්ථිකයේ සකස් විය යුතු සුවිශේෂී ස්ථාන තවමත් නොවිසඳී පැවතීම සංවර්ධනයට බාධාවක් බව සඳහන් කරමින්. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka