gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආයෙ පාර්ලිමේන්තු එන්නේ නෑ කිව්වත් ලඟදිම ජනතාව රනිල්ට බලය දෙනවා… ඔහු එපා කිව්වත් ජනතාව ඔහුව අරන් එන්නේ පාවඩ දාලා දෝලාව පිට… දොලවත්ත දකින අනාගතය…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා බලය තුළින්ම නැවත වරක් පාර්ලිමේන්තුවට එන බව නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි. ඔහු පවසා සිටින්නේ තව ටික දවසකින් රටේ ආරක්ෂාවගැන හිතන ජනතාව, රටේ පෝලිම්වල දුක් විඳන්නට බැරි ජනතාව රනිල් වික්‍රමසිංහ සොයාගෙන ඇවිත් කර පිට තියාගෙන පැමිණ ඔහු අකමැති වුවද රට භාරගන්නට කියන ලෙසත් ජාතිය ආරක්ෂා කරගෙන රාජ්‍ය තාන්ත්‍රිකව රට පාලනය කරන ලෙසත් ඉල්ලා සිටින බවය.

” පැහිදිලිවම රනිල් වික්‍රමසිංහ මැතිතුමාව උස්සගෙ ඇවිත් මේ රටේ ජනතාව නැවත වතාවක් එතුමට කියනවා මේ පාලනය භාර අරන් රාජ්‍ය තාන්ත්‍රික සවභාවය සහ ආරක්ෂාව එකක් රට ඉස්සරහට ගෙනියන්න කියලා. ජනතාවට පොලිම්වල ඉන්න බෑ. ජනතාවට දුක් විඳින්න බෑ. ජනතාවට පේන්න තියනවා මේක යන්නේ මන්දගාමීව. මේක දුවන්නේ නෑ. කියලා.” එහෙත් මේ වනවිට තමන්ගේ තීන්දුව නැවත දේශපාලනයට නොපැමිණීම බවත්, යළිත් පාර්ලිමේන්තුවට එන ලෙස යමෙක් කියනවා නම් ඒ තමන්ගේ සතුරෙක් බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ පවසා තිබෙද්දී ඔහු යළි පාර්ලිමේන්තුවට එන්නේ කෙසේ දැයි දොලවත්තගෙන් මාධ්‍ය ප්‍රශ්න කළේය. එවිට දොලවත්ත කියන්නේ මෙවැන්නකි.

” එතුමා කියන්නේ එතුමාගේ බලාපොරොත්තුව… රටේ ජනාධිපතිවරයා හැටියට හිටිය ඔහු නැවත වතාවක් පාර්ලිමේන්තුවට එන්න නෙමෙයි ඉන්නෙ. එතුමාගේ අවශ්‍යතාවය තමන්ගේ විශ්‍රාම දිවිය තුළ ඉන්න. එතුමා අත් හරින්න ලෑස්තියි. හැබැයි ඇ රටේ ජනතාව කිව්වොත් කරුණාරකරලා ඔබතුමා මේක බාරගන්න කියලා… මොකද රටේ ජනතාව හොඳටම දන්නවා මිනිස්සුන්ට දැනෙන වෙනසක් ඇති කළේ නැතිනම් මිනිස්සුන්ට ආර්ථික නිදහසක් නැතිනම් මිනිස්සුන්ට ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් තිබෙනවා නම් මිනිස්සු ආපසු එන්න කියනවා. ඒක පැහැදිලියි.

අනික ජාතික ලයිස්තුවෙ නම තියෙන්න ඕන නෑ කෙනෙක්ව ජාතික ලයිස්තුවට ගේන්න. අපි ලෝකයේ දැකලා තියනවා ඕන තරම් විශ්‍රාම ගිය නායකයෝ පාවඩ දාලා දෝලාවෙන් අරන් එනවා.

 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka