gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටේ තරුණයින්ට අත දෙන අපේ තරුණයෙක්.. දෙවන පරපුරෙන් දියවන්නාවට

වර්තමානය වන විට මේ මුළු ලෝකයම ආ ගමන් මඟ තාක්ෂණික වශයෙන් විශාල ලෙස දියුණුවට පත් වී තිබේ. එම තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකයේ බොහෝ වැඩකටයුතු මෙන්ම මිනිසුන්ගේ ජීවිත වලටද නව මුහුණුවරක් ලැබී ඇත්තේය. අතීතයේ යම්කිසි කාරණයක් ඉටු කරගැනීමට දැඩි ලෙස වෙහෙසක් දැරීමට සිදු වුවද දැන් වන විට එය ඇසිපිල්ලමක් ගහන තත්පරයකින් ඉටු කර ගැනීමට හැකි වීම එහි විශ්මිත ප්‍රතිථලයකි. එමෙන්ම  රැකියා වෙළඳපොළ ස්වභාවයත් වර්තමානයේ අන්තර්ජාලය ඔස්සේ පුළුල් අවකාශයක් පුරා මිනිසාට විවෘත වීම තුලින් බෝහෝ වැඩකටයුතු ඒ හරහා සිදු කරමින් මුදල් ඉපයීමට පවා හැකියාව ලැබී ඇත.
මෙවන් තත්වයක් මත මුළු ලෝකයම දැන් අත්තර්ජාලය සමඟ නව්‍යකරණය වෙමින් දිනෙන් දින නව ඉසව් සොයා යද්දී අන්තර්ජාලය තුලින් නව ව්‍යවසායකයන් බිහි වීමද එහි දැවැන්ත ප්‍රගතියක් බවට පත්වී තිබේ. 

එය මේ වන විට පිට රටවලට සාපේක්ෂව ලංකාවේද තරමක් දුරට ව්‍යාප්ත වෙමින් රටේ තරුණ තරුණියන් ඒ කෙරෙහි යම් නැඹුරුතාවයක් ඇති වන මට්ටමට පැමිණ ඇත්තේය. ඉතින් එවන් තත්වයක් තිබෙන පරිසරයක අන්තජාල ව්‍යවසායකින් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන්ම සහයෝගය දෙමින්  අප රටේ තරුණ තරුණියන් අන්තර්ජාල ව්‍යවසායකයින් ලෙස ඔසවා තැබීමට වෙහෙස වෙන තරුණ අන්තර්ජාල ව්‍යවසායකයෙක් ගැනයි අප ඔබට අද කියන්නෙ. ඔහු නමින් රොෂාන් දිසානායක හෙම්මාතගම ඉපදුන රොෂාන් 2013 වසරේ උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු අන්තර්ජාල කටයුතු වල නිරන්තරයෙන් නිරත වෙමින් ඒ හරහා රටට විදේශ විනිමය ගෙන ඒම සඳහා තමන්ට හැකි පමණින් දායක වන හයිය තරුණයෙක්. ඔහු අත්තර්ජාල ව්‍යවසායකයෙක් ලෙස තනියෙන් නැගී නොසිට ඔහුට හැකි පමණින් රටේ අනෙක් තරුණ තරුණියන් සමඟ හැකි පමණින් තමන් උගත් දෑ බෙදාගනිමින්, උපකාර කරමින් අප රටේ තරුණ තරුණියන්ද අන්තර්ජාල ව්‍යවසායකයන් ලෙස ඉහළට ඔසවා තබා ඔවුන්ට අභිමානවත් ලෙස ජීවිත් වීමට  හැකි පරිසරයක් නිර්මාණය කිරීමට නිරන්තරයෙන් ඔහු වෙහෙස වනු දැකිය හැකිය.

මේ වන විට තමන් ඉගෙන ගත් දෑ මනා ලෙස භාවිතා කරමින් Digital marketing expert  කෙනෙකු ලෙස අන්තර්ජාලය ඔස්සේ නව අන්තර්ජාල ව්‍යවසායකයන්ට අත දෙමින් දිනෙන් දින නව්‍යකරණය වන ලෝකය කරා අපේ රටේ ඈත දුෂ්කර ගම් වල ජීවත්වන තරුණ තරුණියන්ද පුරුදු පුහුණු කරමින් අභිමානවත් ව්‍යවසායකයින් ලෙස ඔවුන්ව ඔසවා තබා ඔවුන්ව ජයග්‍රහණය කරවීම රොෂාන්ගේ එකම අභිප්‍රාය වී තිබේ. 

රට දිනවීම සහ රටේ මිනිසුන් දියුණු කිරීම එකම අපේක්ෂාව කරගත් රොෂාන් තව දුරටත් රටේ මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට එළඹෙන මහමැතිවරණයට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් දෙවන පරපුර පක්ෂයෙන් අංක 08 යටතේ තරඟ කිරීමට සූදානමින් සිටියි. ඒ මෙතෙක් ඔහු ව්‍යවසායකයෙක් ලෙස තමන්ගේ රටට කළ සේවයටත් එහා ගිය වටිනා සේවයක් රටේ ජනතාව වෙනුවෙන් සිදුකිරීමේ අදිටනනි.

අප රටේ ඉපදී අධ්‍යාපනය ලබා තමන්ට හැකි පමණින් තමන් ඉගෙන ගත් දේ අනෙක් අයටද බෙදා දෙමින් ඔවුන්වද දියුණු මාවත් කරා ගෙන යාමට වෙහෙස වන මෙවන් තරුණයන් බිහිවීම නිරතුරුවම රටකට භාග්‍යයකි. එම නිසාම මෙවන් ශක්තිමත් තරුණයින්ව රැකගනිමින්  ඔවුන් විසින් රට වෙනුවෙන් තමන්ට හැකි අයුරින් හෝ මේ කරගෙන යන කර්තව්‍යයන් තව දුරටත් කරගෙන යාමට හැකි තත්වයක් පවතින රජයක් විසින් හෝ සිදු කරන්නේ නම් රටේ තරුණයන්ගේ අනාගතය වෙනුවෙන් වඩාත් යහපත් වනු ඇති සේම රට ගැන සිතා කටයුතු කරන රොෂාන් වගේ තරුණයන් වෙනුවෙන් ද සිදුකරන වටිනාකමක් ද වන්නේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka