ඉරාන්ට හිරුණිකාට ජාතික ලයිස්තුව දෙනවා නම් මටත් දෙන්න ඕනේ.. ලයිස්තු මන්ත‍්‍රීකමක් නොලැබුනොත් ජීවිතය හැර යනවා..- සජිත් හමුවූ තුෂාර ඉදුනිල් කියයි.. (video)
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් තමන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා සඳහන් කරයි.
එනිසා තමන්ටද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවටද සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව කියා සිටී.
තමන්ට මන්ත්‍රී දුරයක් නොලැබුණහොත් පක්ෂය හැරදායාමේ බලාපොරොත්තුවක් නැති බවද කී ඔහු හැරදා යන්නේ නම් ඒ ජීවිතයෙන් බවද කියා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඉරාන්ට හිරුණිකාට ජාතික ලයිස්තුව දෙනවා නම් මටත් දෙන්න ඕනේ.. ලයිස්තු මන්ත‍්‍රීකමක් නොලැබුනොත් ජීවිතය හැර යනවා..- සජිත් හමුවූ තුෂාර ඉදුනිල් කියයි.. (video)
2024-11-25T23:11:00+05:30
Gossip Lanka Hot News