gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ.. ඉන් හැටක්ම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්..

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන්  80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. මින් හැටකට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව එම නිලධාරියා සඳහන් කළේය.
මේ අතර  හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනකු  මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් රැඳී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉතා ඉක්මනින් එම නිවාසවලින් ඉවත්ව යන බවට හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනා දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස  වෙන් කිරීම ලබන මස 03 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත තමන්ටම  නිවාස නොමැති දුරබැහැර පළාත්වල   මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස  ලබා ගැනීමට අවස්ථාව උදාවේ.

නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යයි. මේ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේද සහාය ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් 110කට පමණ  මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීමට නියමිතය.

(සුජිත් හේවාජුලිගේ )
-lankadeepa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka