gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික ලැයිස්තු හුටපටයෙන් සජබ පුපුරා සීසීකඩ වන ලකුණු...!

සමගි ජනබල සන්ධානය ලෙස මහා මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීම කෙරෙහි සිය අවධානය යොමුකර ඇති බවට වාර්තා වෙයි.
සජබ සන්ධාන පක්ෂ ලෙස නිදහස ජනතා සභාව, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් කටයුතු කරයි.
සමගි ජන බලවේගයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් එකක් සඳහා එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර තමා නම් කරමින් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී ඇති අතර ඉතිරි මන්ත්‍රී ධුර හතර සඳහා මෙතෙක් කිසිවකු පත්කර නොමැත.

ඒ සන්ධානගතව තරඟ කළ පක්ෂ පොරොන්දු වූ පරිදි එම මන්ත්‍රී ධුර ලබා දෙන ලෙස ඉල්ලීමත්, එම පක්ෂයේ පරාජයට පත්වූ මන්ත්‍රීවරුන් ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලෙස කරන ඉල්ලීමත් හේතුවෙනි.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා නම්කර ඇත්තේ එම පක්ෂය සමඟ සන්ධානගතව තරඟ කළ නිදහස ජනතා සභාවේ ඩලස්අලහප්පෙරුම, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ සාගරන් විජයාන්ද්‍රිරන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිෂාම් කාරියප්පර් යන අපේක්ෂකයන්ය.

එම ලැයිස්තුවේ මුල් අපේක්ෂකයන් දෙදෙනා ලෙස සිටින්නේ සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා ඉමිතියාස් බාකීර් මාකර්ය. මීට පෙර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය සන්ධානයක් ලෙස තරග කළ අතර එම අවස්ථාවේදීද පොරොන්දු වූ පරිදි සෙසු පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුන් අතර සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගෙන්ම එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරවනු ලැබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka