සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය ලබා දිය යුතු බව මහාචාර්ය ආෂු මාරසිංහ මහතා පවසයි. මහමැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයට හේතුව, අලියා ලකුණෙන් තරග නොකිරීම බව පවසන ආෂු මාරසිංහ මහතා, සජබය හා එජාපය යළි එක්විය යුතු බවද අවධාරණය කරයි.
සජබය සහ එජාපය එක්වීමට තිබෙන බාධකය නායකත්වය සම්බන්ධයෙන් මතුවන අර්බුදය බැවින්, රනිල් වික්‍රමසිංහ මහතාට එජාප යාවජීව නායකත්වය වැනි තනතුරක් නිර්මාණය කර දී එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු යැයි ආෂු මාරසිංහ මහතා වැඩි දුරටත් පවසයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණෙන් තරග කළා නම්, එජාපයට මන්ත්‍රී ආසන විසි පහක් පමණ ලබා ගත හැකිව තිබුණු බවද ඔහු පවසයි.