gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජයවර්ධනපුර රෝහලේ වකුගඩු මාෆියා දොස්තරට එරෙහිව තීන්දුවක් ගන්න හිටපු සෞඛ්‍ය ලේකම් මහීපාලට කොන්දක් තිබිලා නැතිලු…

වකුගඩු බද්ධය සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ කාන්තාවකගේ  වකුගඩු දෙකම ගලවා ඉවත් කර වකුගඩුවක් බද්ධ නොකිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා අදාල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දෙන මෙන් හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  රෝහලේ පාලන අධිකාරියට කළ දැනුම් දීම මත ඔවුන් ලබාදුන් පරික්ෂණ වාර්තාවට නිසි ක්‍රියාමාර්ග ගැනීමට තරම් පෞරුෂයක්  ඔහුට නොතිබුණු බවත්,  වෘත්තීය සමිතිවල සිරකරුවෙක් වී හිඳිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවන සාහසික අපරාධ සඳහා සෞඛ්‍ය ලේකම්වරයා ලෙස තීන්දු ගැනීමට නොහැකි වීම    ඔහුට සිය තනතුරු අහිමි වීමට එක් හේතුවක් වූ බවත් සෞඛ්‍ය  අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජයවර්ධනපුර  රෝහල මගින් සිදුකළ ප්‍රාථමික පරික්ෂණයෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් මගින් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර වරදකරුවන්  සම්බන්ධයෙන් දැඩි තිරණයන් ගන්නා බවට සෞඛය ලේකම්වරයා ප්‍රකාශක කළද ඔහු කිසිදු තීරණයක්ගත් බව දැනගැනීමට නොමැති බව  අමාත්‍යංශය ප්‍රකාශකයෙක් පැවසුවේය.

රෝගියෙකුගේ වකුගඩු දෙකම ගලවා දමා නැවත වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුනොකර සැත්කම් වර්ජනය කළ ජයවර්ධන පුර රෝහලේ මෞත්‍ර ලිංගික සහ අවයව බද්ධ කිරීමේ  විශේෂඥ වෛද්‍ය  නිරෝෂන් එල්. සෙනවිරත්නගේ අගතිගාමි ක්‍රියාකලාපය පිළිබඳ පූර්ණ පරීක්ෂණ වාර්තාවක් ජයවර්ධනපුර රෝහලෙන්  සෞඛ්‍ය ලේකම්වරයා වෙත යොමු  කර තිබිණි.

වකුගඩු බද්ධයක් සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ බී.ජී.එන් කුමුදුනී නැමැති කාන්තාවගේ  වකුගඩු දෙකම ගලවා ඉවත් කර වකුගඩුවක් බද්ධ නොකිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන ලෙස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල රෝහල් පරිපාලනය වෙත කළ දැනුම් දීමට අනුව මෙම පරීක්ෂණය රෝහල විසින් සිදුකළේය.

පරික්ෂණ වාර්තාවෙන් හෙළිදරවු වී තිබුණේ  මෙම විශේෂඥ වෛද්‍යවරයා මෙම රෝගී කාන්තාවගේ වකුගඩු යුවල ගලවා දමා වකුගඩුවක් බද්ධ නොකර පුරා මාස හයක් තිස්සේ වකුගඩු බද්ධය අත්තනෝමතිකව ප්‍රතික්ෂේප කර ඇති බවය.

එසේ මගහැරිම හේතුවෙන් මෙම කාන්තාවට මාස හයක කාලයක් පුරා සතියකට දින දෙක බැගින් රුධිර කාන්දු පෙරණ වාර 55ක් සඳහා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් වියදම් කිරිමට සිදුකරවමිනි.

මේ පිළිබඳව එම කාන්තාව ජයවර්ධනපුර රෝහලේ පාලන අධිකාරියට කළ පැමිණිල්ලක් මත සිදුකළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බිහිසුණු යථාර්ථය වී තිබුණේ මෙම චූදිත වෛද්‍යවරයා මේ ආකාරයෙන් රෝගීන් අපහසුතාවයට පත් කර සිය පුද්ගලික සේවාවන් පවත්වන තලවතුගොඩ රෝහලකට රැගෙන විත් නිර්දය ලෙස රෝගීන් සූරාකෑමේ ජාවාරමක පුරා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ යෙදී ඇති බවය.

සිද්ධිය පිළිබඳව වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා ද දැනුම්වත් බවත්, ඔහු සෞඛ්‍ය ඇමති ධූරයේ කටයුතු භාර ගැනීමටත් පෙර මෙම අපරාධය ගැන දැනුම්වත්ව ඇති බවත් වාර්තා වේ.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka