ඉම්රාන් ඛාන් වෙනුවෙන් ලෝකයම නැගිටින්න සූදානම්! අමෙරිකාවයි-ක්ෂමා සංවිධානයයි වැඩේට අතගහයි!
අමෙරිකා එක්සත් ජනපදයේ නීති සම්පාදකයින් සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නිලධාරීන් කඩිනමින් සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම් රාන් ඛාන් ව නිදහස් කරන ලෙසට එරට වත්මන් රජයට දැනුම්දී තිබෙනවා.
මෙම දැනුම්දීම අමෙරිකාවේ නීති සම්පාදකයින් සේම බයිඩ්න් හා ට්‍රම්ප් පරිපාලනය විසින් ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කිසිදු ලෙසකින් ඛාන්ගේ නිදහස වෙනුවෙන් විරෝධතා පවත්වන විරෝධතාකරුවන්ට එරෙහිව අධික බලය භාවිතා කිරීම වහාම නතර කරන ලෙසටයි අමෙරිකාව සහ ක්ෂමා සංවිධානය ඉල්ලා සිටින්නේ.
ට්‍රම්ප් පරිපාලනය යටතේ හිටපු ජාතික බුද්ධි අධ්‍යක්ෂ සහ ට්‍රම්ප්ගේ කණ්ඩායමේ ප්‍රධාන චරිතයක් වන රිචඩ් ග්‍රෙනෙල් විසින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ද නිකුත් වී තිබෙනවා.
යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව සමඟ සාම සාකච්ඡා මෙහෙයවීමට ද තෝරාගෙන ඇති ග්‍රෙනෙල් ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබමින් පාකිස්තානයෙන් ඉල්ලා ඇත්තේ “ඉම්රාන් ඛාන් නිදහස් කරන්න.”යනුවෙන්.
ඉම්රාන් ඛාන් වෙනුවෙන් ලෝකයම නැගිටින්න සූදානම්! අමෙරිකාවයි-ක්ෂමා සංවිධානයයි වැඩේට අතගහයි!
2024-11-30T01:14:00+05:30
Gossip Lanka Hot News






