gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලන්සාගේ පෝස්ටර් ඉවත් කළ තමන්ගේ පොලිසියේ නිලධාරීන්ට නින්දිත ලෙස බැණ වැදුන කොච්චිකඩේ ඕඅයිසී අත් අඩංගුවට…

මැතිවරණ නීතිය අනුව රාජකාරි කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය  නිමල් ලන්සාගේ මැතිවරණ පෝස්ටර් ඉවත් කරමින් සිටි කොච්චිකඩේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට නින්දිත ලෙස බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් අනීතික නියෝග නිකුත් කළ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අද අත් අඩංගුවට ගෙන ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති නිමල් ලන්සා විසින් පත් කර එවූ ඔහුගේ දේශපාලන බත්බැලකම් කරන්නෙක් බවට චෝදනා එල්ලවූ අයෙකි. පසුගිය 03 වැනිදා ඉරිදා  නිමල් ලන්සා විසින් සිය කණ්ඩායම් යොදා අලවා තිබූ ඔහුගේ පොස්ටර් ඉවත් කරමින් සිටිය දී එම ස්ථානයට පැමිණි කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට ඉතාම පහත් සහ නින්දිත ලෙස බැන වැදී ලන්සාගේ පෝස්ටර සහ බැනර්  ගැලවීම වළක්වා තිබේ. මෙම රාජකාරියේ යෙදී සිට ඇත්තේ උප පොලිස් පරික්ෂවරයෙක් ඇතුළු නිලධාරී කණ්ඩායමකි.

මෙම සිද්ධිය එතැන සිටි පොලිස් නිලධාරියෙක් විසින්ම වීඩියෝ කර මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අතට පත් කර ස්ථානාධිපතිවරයා පොලිස් නිල ඇඳුමටත් අගෞරව කරමින් තමන්ව නිග්‍රහයට පත් කළ ආකාරයත් මේ ආකාරයට රාජකාරි කිරීමට ඇති අපහසුකමත් පිළිබඳ පැමිණිලි කර තිබේ. සිද්ධිය සම්බන්ධව දින තුනක් තිස්සේ විමර්ශනයක් සිදුවන අතර කොච්චිකඩේ ස්ථානාධිපති තමන්ට අසනීප බව ප්‍රකාශ කර රාගම රෝහලට ඇතුළත් වී ඇත.

දින තුනක් තිස්සේ විධිමත් විමර්ශනයක් කිරීමෙන් අනතුරුව අද සවස කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගෙන තිබේ. බැන තර්ජනය කර රාජකාරියට බාධා කර අඩම්තේට්ටම් කිරීම, පොලිස් ආඥාපනතේ සඳහන් වැරදි සිදුකිරීම සහ මැතිවරණයට අදාලව පවතින නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් කොළඹ උතුර අපාරධ කොට්ඨාසියේ නිලධාරීන් අද මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.  කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පොලිසිය ඉතා ඉහළ අගයක් සහතිව මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන පසුබිමක ජනාධිපතිවරයා ද සම්බන්ධ වූ නුවර මහජන රැළියේ දී මහනුවර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ සංවිධායක මෙන්ම ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත මැතිවරණ නීතිය අයාලේ යවන පොලිස් නිලධාරීන් සිටින බවට ප්‍රසිද්ධියේ චෝදනා කළේය.

එම චෝදනා සම්බන්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ පරීක්ෂණවලදී ද හෙළි වී තිබුණේ ලාල් කාන්ත කළ චෝදනා පදනම් විරහිත බවත්, පොලිස් නිලධාරීන් විසින් කිසිම දේශපාලන භේදයකින් තොරව මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් කර ඇති බවත්ය. පොලිස්පතිවරයා මේ වනවිට පොලිසියට ඍජු නියෝග නිකුත් කරමින් දන්වා ඇත්තේ කිසිම දේශපාලකයෙක් පසුපස නොයා, කිසිම දේශපාලකයෙකුට ගැතිකම් නොකර පොලිිසය ලෙස පොලිස් රාජකාරිය නිසි ලෙස කරන ලෙසය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka