gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අශේන්ගේ පක්ෂයට මොකද වුණේ?

කොළඹ දිස්ත්‍රික්කයේ අංක 15 ස්වාධීන කණ්ඩායමේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන බව පවසමින් ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්න සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කළා.

ඒ, ස්වාධීන කණ්ඩායමකින් මැතිවරණයට ඉදිරිපත් වී  සිය නාම යෝජනා ප්‍රතික්ෂේප වීමෙන් පසුවයි.

ඒ අනුව, අශේන් මැතිවරණයට ඉදිරිපත් වෙන බව පැවසූ යතුරු කැරැල්ල ලකුණෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද තරඟයට පිවිසුණු  අංක 15 ස්වාධීන කණ්ඩායම ඡන්ද 1792 ලබාගෙන තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස, 0.16% ක්

සිය නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් පසුගිය 16 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන අශේන් සේනාරත්න විසින් රිට් පෙත්සමක් ගොනුකරනු ලැබුවා.

කෙසේවෙත්ත, පසුගිය ඔක්තොම්බර් 23 වනදා එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

- උමන්දා කුලසිංහ


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka