මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීමට කඩදාසි මිලදී ගෙන රුපියල් ලක්ෂ 120ක් වංචා කර ඇතැයි චෝදනා කරමින් නිප්චූන් පේපර් පුද්ගලික සමාගම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල ඉදිරියේ කැඳවු අතර කඩදාසි ගෙන්වා බෙද හරින නිප්චූන් පේපර් පුද්ගලික සමාගම පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අර්ජුන ඇලෝසියස් හා කඩතොට ගෙදර චමින්ද සහන් යන පුද්ගලයින් නම් කර ඇත.
බන්ධනාගාර අධිකාරිය මගින් අර්ජුන අලෝසියස් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර දෙවැනි විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටියේය.
විත්තිකරුවන්ගේ බැංකු ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම 2019 වසරේ අවස්ථා හතරකදී චෙක්පත් හතරක් නිකුත් කරමින් රුපියල් මිලියන 12ක් වංචා කිරීම හා සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත.
අනතුරුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප අටක් විත්තිකරුට නියම කළ අතර අධිකරණයේ පෙනී නොසිටි දෙවැනි විත්තිකරුට මාර්තු මස (19) දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළේය.