gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මේ ජන වරමෙන් ඒක කරන්න බැරි නම් වැඩක් නෑ... ජනපති පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් සිදු කළ කතාව (VIDEO)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටිනවා.

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර කථානයකවරයා විසින් තාවකාලිකව පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවනු ලැබුවා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාව පාර්ලිමේන්තු සභාගර්භය වෙත උදෑසන 11.30 කැඳවාගෙන එනු ලැබූවා.

ඒ අනුව මෙම අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් සිටිනවා.

මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන ගුණයක් සිය පක්ෂය ලැබූ ජනවරම තුළ අන්තර්ගත බවයි.  

දීර්ඝ කාලයකට පසු ලංකාවේ දේශපාලන පරිවර්තනයක්, නව  ආණ්ඩුවක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් උතුරත් දකුණ නැගෙනහිර බටහිර ආදී සියලු පළාත් මෙම ජනවරමට දායක වී ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.

“දීර්ඝ කාලයක් අපේ රටේ දේශපාලන බල කඳවුරු ගොඩනැඟී තිබුණේ ජාතිකතත්වයන් අනුව, පළාත් අනුව, ආගම අනුව,  එවැනි දේශපාලන කඳවුරු වල අවසාන ප්‍රතිඵලය වන්නේ ජනතාව එකිනෙකා අතරින් දුරස් වීම සැකය අවිශ්වාසය වර්ධනය වීම..නමුත් සියලු පළාත් සියලු ජනකණ්ඩායම් අප වෙත විශ්වාසය තබලා අපට ඡන්දය ලබා දී තිබෙනවා. ඒ ජනතාවට අපි අපේ ගෞරවය පුද කරන්න කැමතියි. අප කෙරෙහි විශ්වාසය නොතැබූ , වෙනත් දේශපාලන ව්‍යාපාර සඳහා ඡන්දය ප්‍රකාශ කළ ජනතාවක් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස අපි තනි පක්ෂ පාලනයක් අපේක්ෂා කරන්නේ නැහැ.අපි අපේක්ෂා කරන්නේ බහු පක්ෂ දේශපාලනයක්. අපිට ඡන්දය දුන් ජනතාවත් නොදුන් ජනතාවත් යන දෙපිරිසම මේ රටේ පුරවැසියන්. ඔවුන්ගේ අපේක්ෂා ඉටු කරලීම අපේ වගකීමයි”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka