වෙන්නපුවේ පාසලක ගුරුවරියන් දෙදෙනෙක් කළ පහර දීමක් හේතුවෙන් රෝහල්ගතව ප්රතිකාර ලැබූ සිසුවිය මාස 3කට පසු පසුගිය 13 වැනිදා මිය ගොස් ඇති බව නිවුස් ෆස්ට් වාර්තා කරයි. පහර කෑමෙන් බරපතල තුවාල ලද එම දියණිය පුරා මාස තුනක් තිස්සේ රෝහල්ගතව ප්රතිකාර ගනිමින් සිටියාය.
රාගම රෝහලේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිදරවු වී ඇත්තේ මරණයට හේතුව මොළයේ සිදුවූ රුධිර වහනයක් බවය.
සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි ගුරුවරියන් දෙදෙනා වෙන්නපුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.