කල් තියා සියලු ආරක්ෂක පියවර ගෙන තිබියදීත් විදේශීය තානාපති කාර්යාල කිහිපයක් නිකුත් කළ ආරක්ෂක උපදෙස් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකතියට අත්‍යාවශ්‍ය අංගයක් වන සංචාරක කර්මාන්තය ඉලක්ක කර සිදුකළ කුරිරු විහිළුවක් බව ශ්‍රී ලංකා සංචාරක සන්ධානය පවසනවා.
එම සන්ධානයේ සභාපති මලික් ජේ. ප්‍රනාන්දු මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම ආරක්ෂක උපදෙස් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට නව අබියෝග එල්ල වී ඇති බවයි.