ණය ගැටළුව වහා විසදෙයි... රාජපක්‍ෂලා උගන්ඩා ධනය ගේන්න එකග වෙති... එය IMF වගේ හය ගුණයක්!
රාජපක්ෂලා විසින් සොරකම් කර උගන්වාවේ හා සීෂෙල්ස් දූපත්වල සඟවා ඇති බවට චෝදනා එල්ල වන ධනය රැගෙන ඒමට තමාගේ සහ තම පරම්පරාවේම සහයෝගය උපරිමය ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂික හමුවක් අමතමින් හෙතෙම මෙසේ කියා සිටියේය.
“රාජපක්ෂලා හොරකම් කළ සල්ලි උගන්ඩාවේ තියෙනවා නම් ඒ සල්ලි ආපසු අරන් එන්න අපි උපරිම සහයෝගය දෙනවා. අපි දන්න කියන කවුරු හරි උගන්ඩාවේ ඉන්නවා නම් මේ වැඩේට උදව් කරන්න.
ඒවා ගෙනවා නම් මේ ණය ගෙවන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඩොලර් බිලියන 18ක් තියෙනවා කියනවා නේ. එතකොට IMF එක ඕන නැහැ. ලෝක බැංකුව ඕනත් නැහැ.
මගෙත් අපේ පවුලෙත් අපේ පක්ෂයෙත් උපරිම සහයෝගය දෙනවා, ඉක්මනට මේ සල්ලි ටික ලංකාවට ගේන්න.”
ණය ගැටළුව වහා විසදෙයි... රාජපක්‍ෂලා උගන්ඩා ධනය ගේන්න එකග වෙති... එය IMF වගේ හය ගුණයක්!
2024-10-07T07:32:00+05:30
Gossip Lanka Hot News






