සමගි ජන බලවේග අපේක්ෂකයෙක් මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව වරින් වර කැඳවා සංග්රහ ලබාදී ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත.
මහනුවර දිස්ත්රික්කයේ අපේක්ෂකයා පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම ජනතාව කැඳවා සංග්රහ ලබාදී ඇති බවට දිස්ත්රික්කයේ සෙසු අපේක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එලෙස පැමිණිලි කර ඇත.
එලෙස ජනතාව කැඳවා සංග්රහ ලබාදීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බවද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි.