රන්ජන්ගේ ජයග්‍රහණයට බාල්දි පෙරළයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
මහ මැතිවරණය සදහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර ඇත.
රන්ජන්ගේ ජයග්‍රහණයට බාල්දි පෙරළයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
2024-10-25T13:01:00+05:30
Gossip Lanka Hot News





