උතුරු – දකුණු කොරියාව එකට ගැටෙයි.. න්‍යෂ්ටික අවි යුද්ධයකට සූදානම්!
උතුරු කොරියාවට දකුණු කොරියාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කර පහර දෙන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සදහන් කරයි.
ඉදිරියේදී සතුරු බලවේගයක් උතුරු කොරියාවට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි ඇතුළුව උතුරු කොරියාව සතු සම්පූර්ණ යුද ශක්තිය භාවිත කරමින් පහර දෙන බවද උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සදහන් කරයි.
දකුණු කොරියාව භූගත කඳවුරු විනාශ කර දැමිය හැකි “මාන්ස්ටර්” මිසයිලය ප්‍රදර්ශනය කළ අතර එහිදී දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල් උතුරු කොරියානු නායකයාට අනතුරු ඇඟවීමක් කළේය.
දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල් සදහන් කළේ, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියාවට පහරදීමට න්‍යෂ්ටික අවි භාවිත කළහොත් එය කිම් ජොන් උන් පාලනයේ අවසානය වනු ඇති බවයි.
උතුරු – දකුණු කොරියාව එකට ගැටෙයි.. න්‍යෂ්ටික අවි යුද්ධයකට සූදානම්!
2024-10-04T16:35:00+05:30
Gossip Lanka Hot News






