gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බේරූට් ගුවන්තොටුපොළට ගුවනින් ප්‍රහාර.. හමාස් ප්‍රධානියෙක් ඇතුළු විශාල පිරිසක් මරුට!

ඊශ්‍රායල ගුවන් හමුදාව බේරූට් අගනුවර රෆික් හරීරි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා සංවිධානයේ ඉලක්කවලට එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිස්බුල්ලා සංවිධානයේ බුද්ධි අංශ මධ්‍යස්ථානයකට ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් එලෙස ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හේතුවෙන් 151 දෙනකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය සදහන් කරයි.

ඊශ්‍රායලයට මායිම් වන දකුණු ලෙබනනය මෙන්ම, බේරූට් අගනුවර ඩහීහ් පළාත ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ බල ප්‍රදේශ ලෙස සැලකෙන අතර රෆික් හරීරි ගුවන්තොටුපොළ ආසන්නයෙන් ප්‍රබල පිපිරීම් රැසක් අසන්න ලැබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරය එල්ල කිරීමට පැය ගණනකට පෙර රෆික් හරීරි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ජීවත් වන ලෙබනන් සිවිල් වැසියන්ට වහාම ඉවත්වන ලෙසට අනතුරු ඇඟවීමක් කර ඇත.

මේ අතර ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම ප්‍රහාර හේතුවෙන් හමාස් සංවිධානයේ එම නගරය භාර ප්‍රධානීයා මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka