gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මට දීල තිබුන වාහනේ පාර දිගේ තෙල් හැලුනා.. ABS පුපුරලා - ඩයනා

රාජ්‍ය ඇමතිවරියක් ලෙස කටයුතු කරද්දී ජනාධිපති කාර්යාලයෙන් තමන්ට ලබාදී තිබූ වාහනය විශාල වශයෙන් අබලන් වූ වාහනයක් බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

තමන් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරද්දී විවිධ ආකාරයේ බාධා කිරීම සිදුවූ බවත් ඇය පවසන්නීය.

තමන්ට ලබා දුන් වාහන පවා නිතර මඟ කැඩෙන ඒවා බවත් ඇතැම් වාහන පාර දිගේ තෙල් හැලුන ඒවා බවත් කිරිංග පද්ධතියට අක්‍රීය වී තිබූ ඒවා බවත් ඇය සඳහන් කරයි.

එම වාහන බාරදුන් පසු අදාළ නිලධාරීන් ගරාජ්‍වල ඒවා නවත්වා කෝටි ගණන් මුදල් වංචා කළ බවද ඇය චෝදනා කරයි.

රුපියල් දස දහසක වියදමින් හදා ගැනීමට තිබූ වාහනයට දස ලක්ෂයක බිල් දමා තිබූ අවස්ථාද තමන්ට සාක්ෂි ඇතැයි ද ඇය පැවසුවාය.

කෙසේ නමුත් තමන් ජනාධිපති උපදේශකාවක් ලෙස කටයුතු නොකළ බවත් අදාළ වාහනය ජනාධිපති කාර්යාලයෙන් තමන්ට ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය ධූරය දරද්දී අමාත්‍යංශයෙන් වාහනයක් ලබා නොදීම නිසා බවත් ඇය තවදුරටත් කියා සිටියාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka