gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් ගැන පරික්ෂණ කළ යුතු බව කාර්දිනල් හිමි කියයි

ඊයේ සවස අතිගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන්ට මා ලියූ ගවේෂනාත්මක කෘතිය”පාසුකු ඉරිදා ප්‍රහාර සහ පාර රාජ්‍යය” පිරිනැමුවෙමි. එහිදී පාරදෘශ්‍ය සහ සැබැවින්ම ස්වාධීන පරීක්ෂණයක් මගින් පමණක් ප්‍රහර පිටුපස සිටි බලවේග සොයා ගත හැකි බව මම අවධාරණය කලෙමි.

තවද එසමයෙහි ඝාතනය කරන ලද සහ පැහැර ගන්නා ලද ජනමාධ්‍යවේදීන් පිළබද නිමි පරීක්ෂණයක අවශ්‍යතාව ද එහිමියයෝ ද අවධාරණය කල බව ජේෂඨ මාධ්‍යවේදි සුනන්ද දේශප්‍රිය සිය ෆේස්බුක් පිටුවේ සඳහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

කතෝලික සභාව පසුගිය කාලය තුල වැඩිම අවධානයක් යොමුකළ කරුණ ලෙස තිබුනේ පාස්කු ප්‍රහාරයයි.

මේ නිසාම බරපතල විචේනවලටද ලක්ව තිබුණි.

පොදුවේ ගත්කළ සියළු ආකාරයේ ඝාතනයන්ට එරෙහි විය යුතුව තිබුනද දකුණේ කතෝලික සභාව උතුරේ සිදුවු මිනිස් ඝාතනයන් එරෙහිව හඬ නැගු බවක් නම් අපට මතක නැත.

වි⁣ශේෂයෙන්ම රාජපක්ෂ රෙජිමය යටතේ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 40කට වැඩි පිරිසක් ඝාතනය කරද්දි කාර්දිනල් හිමියන් ඇතුලු දකුණේ කතෝලික සභාව මුනිවත රැක්කේය.

කෙසේ වෙතත් දැන්වත් මාධ්‍යවේදින් ඝාතනය කිරිමට එරෙහිව යුක්තිය ගැන කාර්දිනල් හිමියන් කථාකරන්නේ නම් අගේ කළ යුුතුව ඇත.

පමාවි වි හෝ කිතුණු දහමේ සැබෑ ගැඹුරු එතුමන්ට අවබෝධ වන්නට පටන් ගෙන ඇති සෙයකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka