චම්පිකගේ පක්ෂය සීසීකඩ යයි! පක්ෂ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ඉල්ලා අස්වෙයි! පක්ෂ තීන්දුව නොතකා ජාතික සංවිධායක සුමේධ සජබෙන් ඉල්ලන්න තීන්දු කරයි!
විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, එක්සත් ජනරජ පෙරමුණ සාමාජිකත්වයෙන් හා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. සමගි ජන බලවේග සන්ධානයෙන් ඉවත්ව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට එක්සත් ජනරජ පෙරමුණ, දේශපාලන මණ්ඩලය පසුගිය 10 වෙනිදා ගත් තීරණයට විරෝධය පළකරමින් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, එදිනම (10) සවස සිය ඉල්ලා අස්වීමේ ලිපිය එම පෙරමුණේ මහ ලේකම් කේ. ඒ. බන්දුල චන්ද්‍රසේකර වෙත යොමුකර ඇත.
එසේම, මෙම මැතිවරණයට ඉදිරිපත් නොවීමට දේශපාලන මණ්ඩලය ගත් තීරණයට විරෝධය පළකරමින්, එක්සත් ජනරජ පෙරමුණ ජාතික සංවිධායක, ඉංජිනේරු සම්පත් සුමේධ පුජිත රත්නායක සමගි ජන බලවේගය සන්ධානය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරයි.
එසේම, එක්සත් ජනරජ පෙරමුණ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වූ හිටපු පළාත් සභා අමාත්‍ය ගයාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්ව සිටියි.
චම්පිකගේ පක්ෂය සීසීකඩ යයි! පක්ෂ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ඉල්ලා අස්වෙයි! පක්ෂ තීන්දුව නොතකා ජාතික සංවිධායක සුමේධ සජබෙන් ඉල්ලන්න තීන්දු කරයි!
2024-10-14T15:18:00+05:30
Gossip Lanka Hot News





