පාර්ලිමේන්තුවේ පැනිල්ල මෙන්ම මුදලට යටවී පනින අපේක්ෂකයන්ගේ දේශපාලනයද අවසන් කළ යුතුය ..
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරනයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවකටත් 50%ක් අහිමි වීම වගේම අප්‍රධාන දේශපාලන පක්ෂ හා ස්වාධින කන්ඩායම් වෙත ජනතාවගෙ අවධානය යොමු ව ඇත. මේ නිසාම මේ මැතිවරනයේදී සාම්ප්‍රදායික ප්‍රධාන පක්ෂ අතහරින ජන්ද දායකයින් සැලකිය යුතු පිරිසක් බිම සක්‍රීය කුඩා පක්ෂ වෙත අවධානය යොමු කරමින් සිටියි.
එය සාම්ප්‍රදායික පක්ෂවලට අභියෝගයක් බවට පත්ව ඇත. එවන් විටෙක බිම සක්‍රීය එවන් දේශපාලන පක්ෂ හා ස්වාධින කන්ඩායම් බිද දැමීමට එකී බලවේග කටයුතු කරනු ඇත.
අප්‍රධාන දේශපාලන ව්‍යාපාර වල නාමයෝජනා තුල හොද මිනිසුන් සේම කිසිදු ප්‍රධාන පක්ෂයකින් නාම යෝජනා නොලැබෙන අයද වෙති. එමෙන්ම ප්‍රධාන පක්ෂ වලින් ප්ලාන්ට් කල ට්‍රෝජන් අශ්වයන් ද සිටිය හැක.
පාර්ලිමේන්තුවේ පැනිල්ල හා සමානවම,නුදුරේදී දැක හැකිවනු ඇත්තේ ලක්ෂ ගනන් මුදලට කුඩා විකල්ප පක්ෂවල අපේක්ෂකයන් වෙන්දේසී වීමයි.
මුදල් මත වෙන්දේසි වෙමින් කරන දේශපාලනය මෙන්ම එවන් තැනැත්තන්ගේ සමාජ භූමිකාව ද අවසන් කල යුතුය.
සමීර සේනක ද සිල්වා
සභාපති- , සුලු හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යවසායකයන්ගෙ සංගමය
පාර්ලිමේන්තුවේ පැනිල්ල මෙන්ම මුදලට යටවී පනින අපේක්ෂකයන්ගේ දේශපාලනයද අවසන් කළ යුතුය ..
2024-10-31T01:54:00+05:30
Gossip Lanka Hot News






